මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට බදුදීමට එරෙහිව හම්බන්තොට ඊයේ (06) පැවති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් 28 දෙනා මේ මස 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න හමුව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකරුවන් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ ඊයේ රාති‍්‍ර 10.30 ට පමණය. සැකකරුවන් වීරවිල පොලීසියට රැගෙන ගොස් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබෙනවා. එහෙත් එම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නොසිටි හේතුවෙන් සැකකරුවන් යළි තිස්සමහාරාම රෝහල වෙත රැගෙන ගොස් එහි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණා.
පසුව මහේස්ත‍්‍රාත්වරයාගේ නිල නිවස වෙත ගෙන ගොස් අදාළ නීතිමය කටයුතු සිදුකර අවසන්වනවිට රාතී‍්‍ර 11.30 පමණ වූ බවද නෙත් අප වාර්තාකරු පැවසුවා. ඉන්පසු මෙම සැකකරුවන් තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

