ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නාය.
සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වු වහාම මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් ද සිල්වා මහත්මිය පළාත් සභාවල කාලය අවසන් වීමක් මිස පෙත්සම්කරුවන් පවසන පරිදි පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදුවී නැතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෲ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලිණි.
ඕමාරේ කස්සප හිමි, සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කාංචන ජයරත්න, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය ජී.ඇල්. පීරීස් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පලාන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් වැඩිදුර සළකා බැලීම සඳහා ලබන 17 වැනිදා දක්වා කල් තබන ලදී.
[rns_reactions]