ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට අනාගතයක් නෑ – විමල්ගේ පක්ෂයෙන් එළියට බැස්ස ප්‍රධාන ලේකම්

Spread the love

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනවා.

 ඔහු සඳහන් කරන්නේ “මම හිතනවා මම යම් තැනක වැඩ කරනවා නම් මගේ කැපකිරීම සහ දායකත්වය උපරිම වශයෙන් ඒ දේ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් නැති පක්ෂයක මට වැඩ කරන්න බැහැ. ඉතින් ඒ කැපකිරීම මට ලබා දෙන්න බැරිනම් හොඳම දේ තමයි ඒ ස්ථානයෙන් මම ඉවත් වෙන එක. පක්ෂයේ නායකයින් කිව්වේ මගේ තීරණය ගැන නැවත සලකා බලන ලෙසයි. නමුත් පසුව ඔවුන් මගේ ඉල්ලා අස්වීම භාර ගත්තා.” යනුවෙනි.

කෙසේවෙතත් සිය ඉල්ලා අස්වීමට බලපාන ප්‍රධාන කාරණාව පෞද්ගලික හේතුවක් සහ සෞඛ්‍යමය කාරණා කිහිපයක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

[rns_reactions]