ප්‍රහාරයෙන් මියගිය අයගේ ජිවිත මුදල් වලින් මිල කරන්න බෑ

ප්‍රහාරයෙන් මියගිය අයගේ ජිවිත මුදල් වලින් මිල කරන්න බෑ
Spread the love

නැතිවූ ජීවිතවල වටිනාකම මුදල් වලින් මිල කරන්න බැහැ. නමුත් නැතිවූ ජීවිත නැවතත් පට ලබාගත නොහැකි නිසා, අපගේ කණාටුව ප්‍රකාශ කිරීමක් වශයෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 10ක් සහ රෝගී පුද්ගලයන් වෙනුවෙන් රෝගයේ බැරෑරුම්කම අනුව කොටස් 03 යටතේ වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසකගේ සුවදුක් විමසීම සදහා ඊයේ (03) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“යම්යම් අය කුමන්ත්‍රණශීලීව කටයුතු කරනවා අපේ වැඩකටයුතු කඩාකප්පල් කරන්න. නමුත් අපි ආණ්ඩුවක් වශයෙන් ලංවිම අදාළ අංශයන්ට උපදෙස් දීලා තියෙන්නේ මේ කාර්යය නිසි පරිදි ඉටු කරන්න. සමස්ත කැබිනට් එකම මේ දෙස විමසිලිමත්ව බලාගෙනයි ඉන්නේ. අපේ කටයුතු වලට දෙන්නෙක් තුන්දෙනෙක් හරස්වෙනවා. කුමන හෝ බාධාවක් ඇතිවුණොත්, මමයි සෘජුවම ඇවිත් කියන්නේ කව්ද ඒ බාධාව ඇති කලේ කියලා.

අපට අවශ්‍ය වන්නේ අඛණ්ඩ සේවයක් සැපයීමයි. හදිසි විදුලිය මිලදී ගැනීමේදී මීට ඉහත වතාවන් වලට වඩා මිලෙන් අඩුවටත්, විශේෂයෙන් දැනට ජනනය කරන මිලටත් වඩා අඩුවෙන් ප්‍රථම වතාවට අපට මිලදී ගැනීමට හැකිවීම තමයි අපට තිබෙන ලොකුම සතුට. කුමණ තත්ත්වයක් යටතේ වුවත්, විදුලිය අඛණ්ඩව දෙන්න අපි කටයුතු කරගෙන යනවා.

පසුගියදා ඇතිවු කෲර බෝම්බ පිපිරීමේ තුවාල ලැබූ පිරිසගේ සුවදුක් මෙන්ම රෝහලෙන් සිදුවන සේවය පිළිබදව අහන්නයි අද පැමිණියේ.

ඒ හදිසි අවස්ථාවේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ගොඩාක් සතුටුයි. අපේ අසරණ අහිංසක ජනතාව යාඥා කරන අවස්ථාවේ සිදුකළ ඒ කුරිරු ක්‍රියාව සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.