පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…

පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…
Spread the love

නිදහස් කුසලාන 20 20 තරගාවලියේ ඊයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගයට පිවිසියා.තරගය අතරතුර ක්‍රීඩාංගනයේ සිටි පිරිසක් ෆේස්බුක් තහනම පිලිබදව පුවරු කිහිපයක් අතේ තබාගෙන සිටින ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් මේ වන විට සමාජ ජාලා තුල සැරිසරමින් පවතිනවා.

එම පුවරු තුලින් ඔවුන් ප්‍රදර්ශනය කර තිබුනේ පිරිසිදු මුහුණු පොතක් අවශ්‍ය බවත් හැමෝම ජාතිවාදීන් නොවන බවත්ය.”අපි ෆේස්බුක් වලටයි ආදරේ,ආන්තවාදයට නොවේ.

ෆේස්බුක් තුල ජාතිවාදය පතුරවන්නන් අත්අඩංගුවට ගැනීම පිළිබදවද ඔවුන් එම පුවරු තුලින් ප්‍රකාශ කර තිබුනේ එවැනි අය අත්අඩංගුවට ගෙන පිරිසිදු මුහුණු පොතක් නැවතත් ලබා දෙන ලෙසයි.නරක දෙයට නොව හොද දෙයට පමණක් ෆේස්බුක් භාවිතා කරමු යන දෙයින් ඔවුන් ජනතාවටද පණිවිඩයක් ලබා දී තිබෙනවා.