පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථා සම්බන්ධයෙන් ජනතාවට නොරැවටී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, සමහර පාසල්වල ස්ථානීය ආරක්ෂාව මේ වන විට සම්පූර්ණයෙන් තහවුරු කර ඇති බවයි.
තවත් පාසල්වල පොලිස් ජංගම හා යතුරුපැදි මුර සංචාර ක්‍රියාත්මක කර ආරක්ෂාව තහවුරු කර ඇති බව ද පැවසු රුවන් ගුණසේකර මහතා, ඒ අනුව පාසල් සම්බන්ධයෙන් පැතිර යන අනවශ්‍ය කට කථාවලට රැවටෙන්න එපා යනුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා පාසල් ආශ්‍රිතව පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

