පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් සමග තමන් ද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට සැකකරුවෙකු පාපොච්චාරණය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී ය.
රියාස් අබුබකර් නම් ඔහු ඉන්දීය ජාතික විමර්ශනය ඒජන්සි විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමන් ISIS සාමාජිකයෙක් යයිද සැකකරු විසින් අත්අඩංගුවේ දී හෙළිකර ඇත.
මෙම පුද්ගලයාගේ සහායකයන් කවුදැයි ඉන්දීය බුද්ධි අංශ විසින් සොයා බලමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි.

