පසුගිය මැයි මාසයේදී දිවයිනටම බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත්ව තමන් ජීවත් වූ නිවස අහිමිව කල් ගෙවන දෙව්මිණී නම් දැරියකගේ ප්‍රවෘත්තියක් පිළිබඳව මාගේ අවධානය යොමු වූ අතර එම ප්‍රවෘත්තියේ සඳහන් වූ දැරියට පිහිටක් වීම සඳහා ඇය ජීවත් වන රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයට පසුගිය ජූනි මස 15 බ්‍රහස්පතින්දා ගිය අතර එහිදී නිරීක්ෂනය වූයේ ගංවතුරට හසුව පියාද අහිමිව දිවි ගෙවන මෙම දැරියගේ සම්පුර්ණ නිවෙසම විනාශ වී ඇති ආකාරයයි..දෙව්මිණී නම් මේ දියණිය පාසැල් වැඩ කටයුතුවලටද ඉතා දක්ෂ බව ඇය ඉගෙනුම ලබන කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රකාශ කරන ලදී..කඬාවැටුනු නිවස නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.
එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා එම දිනයේම (ජූනි 15 බ්‍රහස්පතින්දා) කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර එහිදී නායක ස්වාමින් වහන්සේලා නිවෙසක් සෑදීම සඳහා අවශ්‍ය ඉඩමක් ලබා දෙන බව සඳහන් කරන ලදී.
ඒ අනුව ජූනි මස 22 වෙනිදා අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් නව නිවෙස සෑදීම සඳහා මුල් ගල තැබූ අතර මාගේ අරමුණ වූයේ මාස 3කින් පමණ නව නිවෙස ඉදිකර දෙව්මිණී දැරියට ලබා දීමය. නව නිවෙසට අවශ්‍ය ඉඩම පොරොන්දු වූ පරිදි කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩනැගීම සඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන මාගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන ගොඩනැංවීමට අදහස් කලෙමි.
ඉක්මනින්ම සියලු පහසුකම් වලින් පරිපූර්ණ වූ නව නිවෙස ඉදිවූ අතර එය දෙව්මිනී දැරියට ලබා දීම කැටේපොල ශ්‍රී අභිනවාරාමාධීපති හිම්මන්තුඩාවේ සිරි රතන ස්වාමින්වහන්සේගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ දින (ඔක්තෝම්බර් මස 06) උදෑසන 10.06ට යෙදුන සුභ නැකතින් සිදු කරන ලදී.
මෙහිදී මට අසන්නට ලැබුන සුභදායක පණිවිඩය වූයේ දෙව්මිනී දැරිය තම නිවෙසද අහිමිව කල් ගෙව්වත් පසුගිය පාසැල් වාර විභාගයෙන්ද වැඩිම ළකුනු ලබා පන්තියේ පළමු තැන ලබා ගැනීමට සමත් වී ඇති බවයි. දෙව්මිනී දැරියගේ අනාගතයට මාගේ සුභාශිංසනය පල කර සිටිමි..
පසුගිය මැයි මාසයේදී දිවයිනටම බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත්ව තමන් ජීවත් වූ නිවස අහිමිව කල් ගෙවන දෙව්මිණී නම් දැ…
Posted by Daham Sirisena on Saturday, October 7, 2017

