පියාගේ සොහොනින් මිලියන 90ක් පිල්ලි ගැසු ගෝඨා ළගදීම ඇතුළට – දේශපාලන ආරංචි මාර්ග කියයි

Spread the love

හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරා රුපියල් මිලියන 90ක පාඩුවක් රජයට කැළැයි යන චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම කිරීමට යන බව පැවැසේ.

ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිතා කර ඇතැයි ලැබුනු පැමිනිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කීප දෙනකුගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණි.

නීතිපතිවරයාද මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දී ඇති බව ආරංචි මාර්ග කියයි.

[rns_reactions]