සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂක පාසල් දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරනවා.
උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී සිසු දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බැවින් මානුෂීය වශයෙන් සිතා සිය වගකීම් ඉටුකරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.
වර්ජනයට එක්වූවන්ගේ විසඳී නැති ගැටළු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බවයි ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ.
[rns_reactions]