පුංචි ඡන්දයට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමේ තීන්දුව 22 දා…

Spread the love

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම අද(16) විභාගයට ගත් අතර එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවූ මෙම පෙත්සමේ එම ගැසට් පත්‍රය සඳහා පෙත්සම් කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළබඳ
තීන්දුව ලබන 22 දා ලබාදෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇත.

එහිදී මැදහත්කාර පාර්ශව ලෙස එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , පොදුජන පෙරමුණ සහ පැෆරල් සංවිධානය මෙම පෙත්සම් වලට සිය විරුද්ධතාවය පලකරන ලදී. මෙම පෙත්සම් මගින් පළාත් පාලන මැතිවරණය අනවශ්‍ය ලෙස කල් තැබීමට මෙම පෙත්සම් මගින් උත්සාහ දරනවා යැයි එම පාර්ශව වලින් පෙනී සිටි නීතීඥවරු පැවසන ලදී.ඒ හේතුවෙන් ජනතාවගේ උත්තරීතර අයිතියක් වන ඡන්ද බලය උල්ලංඝනය වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා අතර මේ හේතුවෙන් නීතිපති වරයාද මෙම පෙත්සම සම්බන්දව මූලික විරෝධතා ගොණු කර ඇති බව අධිරකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැසට් නිවේදනය මෙම වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති අතර මේ වන විට ඊට මාස නමයකට යැඩි කාලයක් ගත වී ඇති නිසා ඒ අනුව එයට එරෙහි වීමට කාලය ඉක්මවා ඇති බව නීතිපති වරයාගේ විරෝධතාවයේ දැක්වේ.මෙම පෙත්සම මැතිවරණ සම්බන්ධව බැවින් එය විමසීමට බලය ඇත්තේ අභියායචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාදිකරණයට බවත් නීතිපති වරයා ගොණු කල විරෝධතාවයේ සඳහන් බව අධිකරන ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් වේ.