පුත්තලමේ පොහොට්ටුවේ දරුණු ගැටුම්.. ලිද හෑරුවට පස්සේ වතුර බොන්න එන එවුන්ට මන්න පහර

Spread the love

පළත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතරයි.

ඉකුත්දා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පි‍්‍රයංකර ජයරත්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත අතර මෙම අර්බුදය හටගෙන ඇති බවයි පැවසෙන්නේ. 

මෙම අර්බුදය විසඳා ගැනීමට දෙපාර්ශ්වයම මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසට කැඳවා තිබෙනවා.

සනත් නිශාන්ත මන්තී‍්‍රවරයා සිය නියෝජිතයන් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බවයි පි‍්‍රයංකර ජයරත්න මන්තී‍්‍රවරයා සදහන් කර ඇත්තේ. 

මේ අතර පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම ද සඳහන් කළේ සිය දිස්ත්‍රික්කය තුළ තමාට දේශපාලනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයෙන්ම බාධා සිදු කරන බවයි.

[rns_reactions]