පුවත් මවන ගයාන් – චතුරිකා – ෆර්ශිනා කතාවේ අලුත්ම තත්වය මෙන්න..

Spread the love

‘‘මට අද පිටරටක ඇවිත් අනුන්ගෙ ගේක වැඩ කරන්න වෙලා…”
‘‘දැන් මගෙ ලොකු පුතාගේ නම්බර් එක බ්ලොක් කරලා..”
‘‘සුදු අම්මි කිව්වෙ නැත්තං චතුරිකා පුතාට ගහනවලු..”

ජනප්‍රිය රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක මේ වන විට ජීවත් වන්නේ රංගන ශිල්පිනි චතුරිකා පීරිස් සමගින්.

ගයාන්ට පෙර විවාහයෙන්ද දරුවන් දෙදෙනෙකු සිටින අතර තමන්ට ගයාන්ගේ සිදුවූ අසාධාරණයක් ගැන පවසමින් ගයාන්ගේ පෙර විවාහයේ බිරිඳ ෆර්ෂානා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

මේ අතර ගයාන්ද ඉහත වීඩියෝවට ප්‍රතිචාර දක්වා ඇති බව අපට වාර්තා වේ….

‘‘පාන්දර 2 ට මාව එළෙව්වා පලයං කියලා…“
‘‘එයාලගෙ කැමැත්තෙන් තමයි මට ළමයි දෙන්නා දුන්නෙ.“
‘‘දුක කියලා මිනිස්සු රවට්ටලා රට කළඹලා තියෙන්නෙ..“

ගයාන් වික්‍රමතිලක කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ගැන විටින් විට විවිධ කතා බහා ඇති වුණා. ඔහු ගැන ඔහුගේ හිටපු බිරිද වීඩියෝ හඬ පටියක් නිකුත් කර තිබුණා. ඔවුන්ගේ දරුවාව ගයාන් බලෙන් රඳවාගෙන සිටින බවට. ඇය දක්වා තිබුණු අදහස්වලට ගයාන් සුපිරි ගොසිප් වෙත උත්තර දුන්නේ මේ විදිහටයි.

“එයා කියලා තිබුණේ මම ලොකු පුතාව හිරකරගෙන ඉන්නවා. පුතාව ඉල්ලලා දෙන්න කියලා කියන්නේ.එයා දරුවාට ආදරේ නම් මුලින්ම කරන්න ඕන වීඩියෝ හඬ පටි ගොසිප්වල දාන එක නෙමෙයි. මුලින්ම විසා එක හදාගෙන ලංකාවට එන එක. ඇවිත් මගෙන් හරි පොලිසිය මාර්ගයෙන් හෝ උසාවිය මාර්ගයෙන් දරුවාව ලබා ගන්න එක. එහෙම නැතුව මට මඩ ගහන එක නෙමෙයි. මට කියන්න තියෙන්නේ එයාලා සල්ලි පොලියට අරගෙන ඒවා ගෙවා ගන්න බැරුව ෆර්ෂිනා රට ගියා.“

‘‘එයා රට යන්නෙ 2016 අවුරුද්දෙ. 2012 සැප්තැම්බර් මාසයේ එයාලා පවුලෙන් මාව එලෙව්වා. ‘‘පලයං කියලා. එතකොට පාන්දර 2.30 ට විතර ඇති. ඒයාලා මුස්ලිම් ජාතියෝ. මට ආගමට බැඳෙන්න කියලා කෙනෙහිලිකම් කළා. එක එක කට කතා හැදුවා. උඹට ඕන විදිහට ජීවත් වෙයං කියලා උදේ පාන්දර මාව එලෙව්වේ. ඒ වෙලාවේ මගේ අතේ තිබුණේ වාහනෙයි වාහනේ යතුරයි විතරයි. උප්පැන්න සහතිකෙයි, බැංකු පොත්, පාස්පෝට් එක ඒගොල්ලො තියාගත්තා.“

‘‘ෆර්ෂිනා එක තැනක කියලා තියෙනවා දරුවො දෙන්නා හදාගන්න වැඩට එක්කෙනක් තියා ගත්තා කියලා. මමයි වියදම් කරලා දරුවො දෙන්නව හදාගන්න වැඩට දෙන්නෙක් ගත්තෙ. එයා කියලා තිබුණා එයාගේ අම්මගෙ ව්‍යාපාර කඩාගෙන වැටුණා කියලා. කඩවත ඉන්න කාගෙන් හරි අහලා බලන්න එයාලාට මොන වගේ ව්‍යාපාරද තියෙන්නෙ කියලා. මම දන්න තරමින්නම් කිසි ව්‍යාපාරයක් නැහැ. එක දෙයයි තියෙන්නෙ ත්‍රිවිල් එකක් විතරයි. එයාලා ජීවත් වෙන්නෙ මිනිස්සුන්ගෙන් එක තැනකින් පොලියට සල්ලි අරගෙන තව තැනකට ඒක පියවලා. මගෙ නම පාවිච්චි කරලත් සල්ලි අරන් තියෙනවා.“

‘‘මමයි නලුවෙක් විදිහට ලැජ්ජ වෙන්නෙ. මගේ නම විකුණලා. ඔය විදිහට පොලියට ගන්න ඒවා මම නිසා කළා නම් 2007 අවුරුද්දෙ ඉඳලා 2016 වෙනකං ඒ මිනිස්සු ඇයි ඉන්නෙ. එන්න එපැයි මාව හොයාගෙන. මං ඉන්නෙ අරංගල. මං කාවවත් රවට්ටලා අනාථ කරන කෙනෙක් නෙමෙයි. ඒ ගෑණු කෙනා රට යන්නෙ 2016 මාර්තු වල. ඒ ගියාට පස්සෙ දරුවො දෙන්නා තියලා ගියේ එයාගේ අම්මයි තාත්තයි ළග. දවසක් එයාගේ තාත්තා අපේ මාතලේ ගෙදරට කෝල් කරලා දරුවො දෙන්නව අරන් යන්න කිව්වා. මම කඩවත පොලිසිය දැනුවත් කරලා ළමයි දෙන්නව මාතලේ ගෙදරට අරන් ගියා. එයාලගෙ අම්මයි තාත්තයි පොලිසියට ආවා. එයාලගෙ කැමැත්තෙන් තමයි මට ළමයි දෙන්නා දුන්නෙ කියලා පොලිසියේ සාක්ෂි දුන්නෙ.“

‘‘මම දරුවො දෙන්නව මාතලේ තියලා ඉගැන්නුවා. ඔය අතරතුර පොඩි පුතාට අවුරුදු 5 යි එතකොට. එයා නරක වැඩක් කරලා තියෙනවා. ඒකට අවවාද දුන්නා මම වේවැලකින් ගහලා ආයේ මේ වැඩේ කරන්න එපා කියලා. මම ළඟ ඉන්න බෑ කියලා අරගොල්ලො ළඟටම ආයෙත් ගියා. ඊට පස්සෙ මම ලොකු පුතාව කොළඹ ගෙනල්ලා චතුරිකායි මමයි ළඟයි තියා ගත්තා. ලොකු පුතාව රජයේ පාසලකට දාන්න යන්නෙ සඳුදා ඉදන් එයාට ඉස්කෝලෙ යන්න තියෙනවා.“

‘‘බොරුවට අඬලා, අම්මා කෙනෙකුගේ දුක කියලා මිනිස්සු රවට්ටලා රට කළඹලා තියෙන්නෙ. ගයාන්ව නරුමයෙක් ගානට දාලා. මට එක දෙයයි කියන්න තියෙන්නෙ මම මාසිකව නඩත්තු මුදල් ගෙවද්දිත් එයා මොකටද රට ගියේ.. ? එක කාසියක දෙපැත්ත දන්නෙ නැතුව එක පැත්තක් විතරක් දැනගෙන මිනිස්සු මට බනිනවා. එහෙම කරන්න එපා. ඇත්ත දැනගෙන කතා කරන්න.“