පෙම්වතියව බෙදාගෙන දූෂණය කරන්න මිතුරා පෙම්වතා සමඟ ගුටි කෙළියක

පෙම්වතියව බෙදාගෙන දූෂණය කරන්න මිතුරා පෙම්වතා සමඟ ගුටි කෙළියක
Spread the love

තම පෙම්වතිය නිවසකට රැගෙන ගොස් දුෂණය කළ බව කියන විසි එක් හැවිරිදි පෙම්වතකු සහ ඒ සදහා ආධාර අනුබල දීම, පෙම්වතියට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් දෙදරු පියකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙම්වතිය තිස්හතර හැවිරිදි වියේ පසුවන තරුණියකි. විසි එක් හැවිරිදි තරුණයකු විසින් ඇය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පත්වාගෙන ගොස් ඇත. පෙම්වතා පෙම්වතියට තලගහ හන්දියට එන ලෙස පවසා යතුරුපැදියකින් තම මිතුරකු වන දෙදරු පියාගේ නිවසට රැගෙන ගොස් ඇත. තම පියා ව්‍යාපාරිකයකු බවත් මවට පෙන්වීම සදහා තම නිවසට රැගෙන යන බවත් පවසා පෙම්වතා විසින් මෙම තරුණිය මිතුරාගේ නිවසට රැගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පසුව සැකකාර පෙම්වතා විසින් පෙම්වතිය මිතුරාගේ නිවසේදි දුෂණයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි. මේ අතරතුරේදී මිතුරාද නිවසට පැමිණ තිබේ. ඔහු ද මෙම තරුණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කොට ඇත. එයට සැකකාර පෙම්වතා හා පෙම්වතිය විරුද්ධවී ඇති බව පොලිසිය පවසයි. පසුව මේ සම්බන්ධව සැකකාර පෙම්වතා හා මිතුරා අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මේ අතරේ පෙම්වතිය යට ඇදුම් පිටින්ම ඒ අසල ඇති නිවසකට දිවගොස් ඇත. පසුව පෙම්වතිය පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකාර පෙම්වතා හා දෙදරු පියා වන මිතුරා අත්අඩංගුවට ගෙන ඇත. පෙම්වතිය වෛද්‍ය පරික්ෂණයකටද යොමු කළ බව පොලිසිය පවසයි.

අක්මීමන පොලිස් ස්ථානාධිපති මහේෂ් අමරසේන, අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. වික‍්‍රමතන්ත‍්‍රි, කා. පො. කො. 7941 පුෂ්පා, කා. පො. කො. 2903 උදයංගනී යන නිලධාරීන් හා නිලධාරිණියන් විසින් සැකකරුවන් අත්අඩංගුව ගනු ලැබීය.

-දිවයින-