පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ..! දැයේ දරුවන්ට අනාගත බලපෑම්..!

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ..! දැයේ දරුවන්ට අනාගත බලපෑම්..!
Spread the love

මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක චන්ද්‍රකුමාර මහතා පැවසී

රට පුරා පෙර පාසල් පද්ධතිය පිළිගත් විෂය මාලාවක් නොමැති බව පැවසීය.

නිසියාකාරව උගන්වන ලබන පෙරපාසල් සඳහා දරුවන් යොමුකිරීමට දෙමව්පියන් මැලිකමක් දක්වයි.

පෙර පාසල තුල අකුරු ඉගැන්වීම නොව දරුවාගේ කුසලතා වර්ධනය කිරීම සිදුවෙයි.

ඒ ආකාරයෙන් කුසලතා වර්ධනය කරන පෙර පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීමට බොහෝ දෙමව්පියන් මැලිකමක් දක්වන බව පැවසීය.

ඒ හේතුවෙන් පෙරපාසල් සඳහා විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබිය යුතුය.

ගුරුවරුන්ට ද විධිමත් පුහුණුවක් ලබාදීම අත්‍යාවශ්‍ය බව පැවසීය.

දරුවෙකුට පෙර පාසල් අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.