පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ

පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ
Spread the love

ඉස්ලාම් පල්ලිය වලින් හමුවන කඩු ප්‍රමානය දෙස බැලූ විට අතීත රජවරු ළඟවත් මෙතරම් කඩු තිබී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී පැවති වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පල්ලිවලට පඩු අවශ්‍ය නැති බවත් ඇති සියලු කඩු අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට සම්පූර්ණ සහය දෙන බවත් කී ඔහු ජාතීන් නමින් දේශපාලන පක්‍ෂ ඇතිවීමද ආගම් ලෙස පාසැල් සෑදීමද නැවැත්විය යුතු බවද පැවසීය.