රජයේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද විවේචනාත්මක ලෙස අදහස් පළ කළේ ය.
මහාචාර්යවරයා එලෙස අදහස් පළ කළේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මහ නා හිමියන්ගේ දෙවන ගුණසමරු උත්සවයේ විශේෂ දේශනයක් සිදුකරමිනි.
ගුණ සමරු උත්සවය පැවැත්වුණේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ය.
ජනවාරි 8 වෙනිදා පත්කල ආණ්ඩුවේ ශේෂ පත්‍රය දිහා බලන විට එය ඉතා නරක තත්ත්වය ඇති බැව් ප්‍රකාශ කල සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, වර්තමාන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඉතා උපහාසාත්මකව විවේචනයට ලක් කලේ මෙරටේ සේනාධීනායක මෙන්ම විධායක ජනාධිපතිවරයා ඉදිරිපිට ය.
මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, කථානායක ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් සහභාගි වී සිටියේ ය.
එමෙන්ම මෙහිදී පොලිස්පති දැඩි අපහසුතාවට පත්ව සිටි අයුරු මෙම විඩියෝව නැරඹීමෙන් දැකගත හැකිය.
උපුටා ගැනීම – අපේ රට
[rns_reactions]