පොලොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරනවා

පොලොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරනවා
Spread the love

මේ රටේ වර්තමානයේ තිබෙන දැවැන්තම දේශපලන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් මීළඟ ජනපතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත් වන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් බවත් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා කීය.

ඊයේ (06දා) සවස පූජාපිටියේ පැවැති හාරිස්පත්තුව 2 තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් මන්ත්‍රීවරයා එසේ කීය.

“මේ දිනවල කොහේ ගියත් අහන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකට යනවද කියලා. මේ රටේ තියෙන දැවැන්තම දේශපාලන  පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන් බව අපි සහතික කර ප්‍රකාශ කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක එන්න පුළුවන්. අපි එකතු වෙලා යනවානම් අමරවීර මහත්තයාලට අපි කියන්න කැමැතියි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවේ  පහෙන් විශ්‍රාම යන්න. මමත් බලාගෙන ඉන්නේ එතුමා විශ්‍රාම යනකම් පොළොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරන්න” .