පොහොට්ටුවේ කොටසක් හැදූ අලුත් දේශපාලන පක්ෂය

පොහොට්ටුවේ කොටසක් හැදූ අලුත් දේශපාලන පක්ෂය
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna – PENP) පිහිටුවා ගෙන තිබේ.

පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති අතර නව සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත්ව ඇත.

නව සන්ධානයට SLPP, MEP, TMVP, EPDP, ජාතික කොන්ග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, එක්සත් ජනතා පක්ෂය, SLMP සහ දේශප්‍රේමි ජනතා බලවේගයේ කොටසක් ද ඇතුළත් වන බව වාර්තා වේ.

Post Comment