පොහොට්ටු මහ සම්මේලනය කැදවයි..

පොහොට්ටු මහ සම්මේලනය කැදවයි..
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම එම පක්ෂ සමුළුවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් සිදු කරනු ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂයේ සමුළුව ජූනි මස අග භාගයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

මෙම සම්මේලනයේ දී ඉතා වැදගත් යෝජනා ගණනාවක් ම සම්මත කර ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

සම්මේලනය පැවැත්වීම සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන කිහිපයක් පිළිබඳවම සලකා බලමින් ඇත.