බංගලියෝ තරගය පුරාවට සහ තරගයෙන් පසු විදුරු කුඩුකරමින් කල සියලු කුජිත වැඩවල වීඩියෝ මෙන්න..

බංගලියෝ තරගය පුරාවට සහ තරගයෙන් පසු විදුරු කුඩුකරමින් කල සියලු කුජිත වැඩවල වීඩියෝ මෙන්න..
Spread the love

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්.

බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබුණා.

කෙසේ වෙතත් ඒ මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව සිටියා.

තරගයේ අවසන් පන්දුවාරයේ යැවූ පන්දු දෙකක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටිය මැද යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට නතුව සිටින ආකාරයද දක්නට ලැබුණා.

කෙසේවෙතත් පසුව යළි තරගය ක්‍රියාත්මක වූ අතර දැවැන්ත හයේ පාරකින් තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

බංගලියෝ කුජිත වූ අවසාන පන්දු ඕවරය……

බංගලියෝ කුජිත වූ අවසාන පන්දු ඕවරය……

Posted by Supiri Gossip on Friday, March 16, 2018

 

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරමින් සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ඇතැම් ක්‍රීඩකයන් හැසිරුනේ ඉතාමත් පිළිකුල් අන්දමින්….

Posted by Ape Rata – අපේ රට on Friday, March 16, 2018

ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු….

ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු. මේ ඔබ දකින්නේ වීදුරු බිඳ දමා ඇති අයුරුයි. ශ්‍රී ලංකාව පරදවමින් බංග්ලාදේශ කණ්ඩායම නිිදහස් කුසලාන 20/20 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.Bangladesh Cricket team destroy R. Premadasa stadium property after tensions that followed their T20I match win against hosting Sri Lankan team.#Cricket #SpiritOfCricket #Bangladesh #SriLanka

Posted by Newsfirst.lk on Friday, March 16, 2018