බඳුර්දීන් සතොසට කර ඇති පාඩුව බිලියන 15 ඉක්මවයි; පෞද්ගලික නාලිකාවකට මාසිකව ලක්ෂ 15 බැගින් ගෙවලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි

බඳුර්දීන් සතොසට කර ඇති පාඩුව බිලියන 15 ඉක්මවයි; පෞද්ගලික නාලිකාවකට මාසිකව ලක්ෂ 15 බැගින් ගෙවලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි
Spread the love

දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි.

සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු හෙලි වූ අතර අදාළ අමාත්‍යාංශය භාර ඉස්ලාම් අන්තවාදයට පණ පොවන කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බඳුර්දීන් සම්බන්ධ යයි කියන UTV රූපවාහිනි නාලිකාවට වෙළෙඳ ප්‍රචාරක කටයුතු සඳහා යයි පවසමින් මාසිකව සතොස මගින් රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදී තිබූ බැව් ද එහිදි හෙලි විය.

මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ගණනාවක්ම සම්බන්ධයෙන් විශාල දූෂණ චෝදනා එල්ල වන අතර පසුගිය දා එම අමාත්‍යාංශයට අයත් ලක්සල එනම් ශ්‍රීලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයද පසුගිය වසරේ දි පමණක් රුපියල් මිලියන 87.7 ක් බ්‍රෝකර්වරුන් වෙත ලබා දෙන ලෙස පවසමින් මහා මුදල් වංචාවක යෙදීමෙන් පවතින බැව් හෙලිදරව් විය.