දෙකඩ වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත ස්ථාපිත කොට ශක්තිමත් කිරීමේ අරමුණින් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (03දා) සාකච්ඡාවක් කැඳවා ඇති අතර ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පිරිස් සහභාගි නොවන බවට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලනිපයට ද්‍රෝහිකම් කළ පිරිස් එම සාකච්ඡාවට සහභාගි වන්නේ නම් තමා කන පැළෙන්නට පහර දෙන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වී තිබීම නිසා ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් අපි මෙලෙස අදහස් විමසුවෙමු.
කවුරු හරි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගන්න මේ පක්‍ෂයත් කාලා රටත් විනාශ කරලා මිනී මරණ නායකයන් පස්සේ ගිය මිනිස්සු මේකට ආයෙත් ගන්න ඕනේ කියනවා නම් ඒ ගොල්ලෝ පක්‍ෂයට ද්‍රෝහිකමක් කරන්නේ.
දැන් සාකච්ඡාවලට එනවලු. මම නම් යන්නේ නැහැ ඕවට. ආවා නම් මම ගහනවා කන පැළෙන්න. අපට විරුද්ධව තියෙන නඩු ටික ඉල්ලා අස්කරන්න, ඉන්ක්වයිරි ටික අයින් කරන්න පොලිසියේ අපිට විරුද්ධව කටයුතු කරපු අය අයින් කරන්න. එතකොට අපි පක්‍ෂයට එන්නම්. නැත්නම් මේක කරන්න බැහැ” යැයි හිටපු ජනපතිනිය මේ ප්‍රකාශය කළේ පසුගිය 29 වැනිදා ඇහැලියගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය.
[rns_reactions]
