බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!

බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!
Spread the love

රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත.

විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ මෙම ඊනියා වෘත්තීය සමිතිය විසින් කරන මෙම පුහු ඉල්ලීම නම් පසුගිය අප්‍රේල් මස සිට අදාළ වැටුප් වර්ධකය ලබාදෙන ලෙසයි.

2005 වසරේදී විදුලි බල මණ්ඩලයේම සේවකයින් පිරිසක් විසින් විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ට නිතී විරෝධී ලෙස වැටුප් වැඩිකිරීමට එරෙහිව නඩුවක් ගොනුකළ අතර 2014 වසරේදී එහි තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය නියෝග කොට ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැටුප් වර්ධකය අහෝසි කරන ලෙසත්, නීතිවිරෝධීව ගෙවන ලද වැටුප් යළි අය කරගන්නා ලෙසත්ය. එහෙත් වත්මන් යහපාලන රජය මෙම අධිකරණ නියෝගය එකවරම ක්‍රියාත්මක කිරීම තුළ ඉන්ජිනේරු සේවකයින් මුහුණ පාන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් කපා හැර ඇත්තේ අදාළ වැටුපෙන් තුනෙන් එකක් පමණි. එවැනි තත්වයක් තුළ මෙහි සත්‍යය තත්වය හොඳින්ම දන්නා මෙම වෘත්තීය සමිතිය යළි නීතිවිරෝධී ලෙස තම වැටුප් වැඩි කරන ලෙස අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට තර්ජනය කරමින් ජනතාවගේ ගෙල සිරකරමින් රට විපතකට පත්ව ඇති මොහොතක තව තවත් අරාජික කිරීමට සැරසෙන්නේ කාගේ දේශපාලන උවමනාව සහ න්‍යාය පත්‍රය මතද..?

එසේම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තීය සමිතියේ මෙම වැටුප් වර්ධක ඉල්ලීම මුළු මනින්ම නිතී විරෝධී බවත්, රටේ වත්මන් තත්වය තුළ බලපැවැත්වෙන නීතිවලට අදාළව අත්‍යාවශ්‍ය සේවා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතු මොහොතක කිසිසේත්ම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය නොහැකි බව 1969 අංක 17 දරණ ශ්‍රී ලංකා විදුලි පනතේ 8(1) වගන්තිය යටතේ, විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වන බලය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදෙන ලෙසට දක්වා ඇත.

මෙම බලය විෂය භාර අමාත්‍යවරයාට මෙමගින් මුළු මනින්ම ලැබෙන අතර, අමාත්‍යවරයා එම න්‍යයිතික බලය භාවිතා නොකරන්නේ නම් එය රටටත්, රටේ සමස්ත විදුලි පාර්භෝගිකයින්ටම සිදුකරන බලවත් අසාධාරණයක් බවත් එලෙස බලය භාවිතා නොකොට අමාත්‍යවරයා කටයුතු කරයි නම් ඊට එරෙහිව ගරු අධිකරණයට යෑමට සිදුවන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැඩිව අවධාරණය කර සිටී.