බලය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය එජාපය සමග වුවද යහන් ගතවන්න සුදානම් බවට වාසුගෙන් ප්‍රකාශයක්..

Spread the love

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේය.

නමුත් මැතිවණයට තරග කිරීමෙන් පසු සභාවන්හි බලයි පිහිටුවීම සම්බන්දයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය සමගද එක්ව කටයුතු කිරීමට සූදානම් බවද කී මන්ත‍්‍රීවරයා එවන් පාලනයක් සදහා කොන්දේසි පැනවෙනු ඇති බවද පැවසීය.

 

ආණ්ඩුව සමග එක්ව සිටින මොකාට වුවද විපක්‍ෂ දේශපාලන වේදිකාවේදී කට හැකර තමන් බැන වදින බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

[rns_reactions]