කොළඹ-මහනුවර මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක පාපුවරුව ගැලවීයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත.
එහිදී බස් රථයේ ඉදිරි පාපුවරුව ගැලවී ගොස් ඇති අතර එහි ගමන් කළ බස්රථයේ කොන්දොස්තරවරයා සහ තවත් මගියෙකු මාර්ගයට වැටී එම බස් රථයටම යටවී මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු හා සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

