මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව එම දූෂණ හා වංචාවලට අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයාගේ නිර්දේශ මත අලුතෙන් පිහිටුවන ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු පැවැරෙනු ඇතැයි ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
දැනට පවතින ක්‍රමවේදය යටතේ මහාධිකරණයක නඩුවක් විභාග කර අවසන් කිරීමට වසර 10ක්ද, අභියාචනාධිකරණයේ සහ ශේර්ෂ්ඨාධිකරණයේ අභියාචනයක් අවසන් කිරීමට වසර 7ක් වශයෙන් වසර 17ක් ගතවන බවත් නඩු පැවැරීම ප්‍රමාදවීම හා නඩු විභාග ප්‍රමාදවීම වැළැක්වීමට රජය ගෙන යන නව වැඩපිළිවෙළ අනුව කෙටි කාලයක් තුළ නඩු කටයුතු නිම කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (15දා) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.
[rns_reactions]

