බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)
Spread the love

රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියා.

“කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තවේ ඇති කරුණු හැකි ඉක්මනින් රටට හෙලිකරන්න ඕන. බැඳුම්කර සිද්ධිය සම්බන්දයෙන් චූදිතයන් කවුරුන්ද යන්න එමගින් දැනගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම කෝප් කමිටු සභාපති ධූරයට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවත පත් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. ඔහු කෝප් කමිටුව තුල ස්වාධීනව පරීක්ෂණ කටයුතු මෙහෙයවන්න ඔහු විශාල දායකත්වයක් දැක්වූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ අදහස් පලකලේ අද අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමිනි.

බැදුම්කරෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව

බැදුම්කරෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව#lka #News1st #WimalWeerawansa

Posted by Newsfirst.lk on Friday, January 3, 2020