විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීම පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය ලබන අගෝස්තු මස 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඔහු පවසන්නේය.
සිය පක්ෂ නියෝජිතයින් මෙන්ම සහෝදර දේශපාලන පක්ෂවලට ද පක්ෂ සම්මේලනය සදහා ආරාධනා කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇති අතර එම අපේක්ෂකයාට සිය පුර්ණ සහය ලබාදෙන බව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

