බැසිල්ගේ කුහක දේශපාලනයට විරුද්ධව යසපාල කෝරලගේත් යහපාලනයට…

Spread the love

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට ඊයේ(18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුව එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරනු ලැබීය. ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනපති අතින් පිළිගැන්විණි.මෙසේ එතුමා ඒකාබද්ධයෙන් වෙන්ව ආවේ බැසිල් රාජපක්ෂ නැවතත් පෙර ආණ්ඩු සමයේ මෙන් ඔහුගේ කුහක දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට දතකන නිසා බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.