ඉදිරියේ පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ විපක්ෂය නිතරග ගිවිසුමක් මඟින් පත්ව තරග කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
ඒ පිළිබඳ සාකච්ඡ කිරීමට දෙපාර්ශ්වයෙන් කණ්ඩායම් දෙකක් පත් කිරීමට සූදානම්වන බවත්, එකාබද්ධ විපක්ෂයෙන් ඒ සඳහා මහින්දානන්ද අලූත් ගමගේ, සී.බී. රත්නායක හා ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සූදානම්කර ඇති බවත් පැවසේ.
ශ්‍රීලනිප කමිටු ප්‍රධානියා ජෝන් – ඉසුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය වෙනුවෙන් ආමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කියා සිටී.
ඒ සම්බන්ධයෙන් දේවප්‍රිය මහතා මෙසේද කියා සිටී.
“දෙගොල්ල දෙපැත්තට වෙලා හිටියොත් අවාසියක් වෙන්නෙ. මේකෙන් වෙන්නෙ නිදහස් පක්ෂ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානයට නොයන එකයි වෙන්නෙ. නිතරග ගිවිසුම ගැන මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. මේකට ගමේ පාක්ෂිකයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා. ගිය වර මහා ඡන්දයේ සිදුවීම ගැන බය තමයි තියෙන්නෙ. මෙවර එහෙම නොවෙන්න ගිවිසුමක් අත්සන් කරලා ඡන්දෙට ගියානම් ඉවරයි”
ඒ අනුව පොදු ලකුණක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තරග කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.
පොදු ලකුණ ලෙස පොදුජන එක්සත් පෙරමුණේ පුටුව යොදාගනු ඇතැයි ද පැවසේ.
[rns_reactions]

