බැසිල් මලික් හරහා රනිල්ට පණිවුඩ යවයි

Spread the love

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදානම් බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පණිවුඩයක් එවා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉහත පණිවුඩය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මගිනි.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයේ අදහස් හා යෝජනා පිළිගැනීමට සූදානම් බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පසුව ඉහත යෝජනාව ඉදිරිපත්ව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතීතයේ සිටම විධායක ජනාධිපති ධුරයට එරෙහිව ක්‍රියාකළ අයකු බවත් මේ අවස්ථාවේදී ජාතික රජය එය අහෝසි කිරීමට ක්‍රියාකරන්නේ නම් සාකච්ඡා කිරීමට ඔහු සූදානම් බවත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බැසිල් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ය.

නමුත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂයේ අනෙකුත් නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බැසිල්ගේ පණිවුඩය ගැන සලකා බලන බවයි.