බැසිලෝ තොට ඕනේ මහින්දව හිගන්නෙක් කරන්නද? කාල්ටන් කල්ලියට එකාබද්ධේ ඇතුළෙන්ම ගුටි…

Spread the love

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පවත්වන ලද සාකච්ඡා බිඳ වැටීමට හේතුව බැසිල් රාජපක්ෂ කල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බවට තොරතුරු වාර්තා වී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂියන්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ සාකච්ඡා පැවැත් වූවත් රාජපක්ෂ පාර්ශ්වය සමගියට බාධා කෙරෙන කොන්දේසි ඉදිරිපත් කරමින් සාකච්ඡා පැවැත් වූ බව මේ වන විට තහවුරු වී ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා සඳහා ඒකාබද්ධ  විපක්ෂයෙන් නම් කරුණු ලැබු සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන හා පවිත‍්‍රා වන්නිආරච්චි යන අය දින 100 ආණ්ඩුවේ ඇමැති ධුර දැරූ සහ ප‍්‍රශ්න ඇති කරගෙන ඉන් බැහර වූවෝ වෙති. නිදහස් පක්ෂය වෙනුවෙන් පත් කර සිටි සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුරයාපා හා ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත සත්භාවයෙන් සාකච්ඡා සිදු කළ ද ඒකාබද්ධයේ නියෝජිතයන් එය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම සාකච්ඡා පවත්වන අතර තුර දී මහින්ද රාජපක්ෂට හිතවත් මාධ්‍ය හා හිමිවරුන් දිගින් දිගටම පැවසුවේ නිදහස් පක්ෂය සමඟ එකතු නොවිය යුතු බවය.

එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ නිදහස් පක්ෂය සමඟ එක්වීම සම්න්ධයෙන් කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ.

 කෙසේ වෙතත් පසුගිය බදාදා පාර්ලිමේන්තු රැස් වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ  ලෙස සාකච්ඡා කර ඇතත් ඊට කාල්ටන් පෙර පාසල් කණ්ඩායම ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇති නාමල්, ප‍්‍රසන්න, ජොන්ස්ටන් සහ රෝහිත වැනි අයගෙන් බාධා එල්ල වී ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා එහිදී සඳහන් කර ඇත්තේ මැතිවරණයක දී බෙදීම් හා අඩුකිරීම් නොව අඩුකිරීම් හා එකතු කිරීම් පමණක් ඇති  හෙයින් ඒ අනුව කටයුතු කළ යුතු බවයි.

ඊට නාමල් රාජපක්ෂ මහතාගෙන් බාධා එල්ල  වී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ සිය පවුලට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදු වන බැවින් ඔවුන් සමඟ එක් විය නොහැකි බවයි.

එහිදී වීරකුමාර දිසානායක මහතා පවසා ඇත්තේ 2005 දී චන්ද්‍රිකා හා එල්ටීටීඊය විරුද්ධ වෙද්දී මහින්ද රාජපක්ෂ සමඟ ජවිපෙ සන්ධාන ගත නොවූණා නම් අද රට කුමන තත්ත්වයක පවතීද යන්නයි.

ඊට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද පවසා ඇත්තේ නිදහස් පක්ෂය සමඟ එක් නොවුණ හොත් සිය ආසනය ද ජයගත නොහැකි බවයි. එහෙත් එම අදහස්වලට ඉඩ නොදෙමින් කාල්ටන් පෙර පාසල් කණ්ඩායමේ ප‍්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්ත යන අය විරුද්ධව අදහස් ප‍්‍රකාශ කළ අතර ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබී ඇත.

මේ අතරතුර බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් වුවමනාව මත පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමට විමල් වීරවංශ මහතා නිහඬව සිටි අතර පසුගිය කාලයේ වීරවංශ මහතා නිදහස් මාවතේ දී එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු හමු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයට  වෙනම තරග කළොහොත් සන්ධානය යටතේ නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඡන්දය ඉල්ලා ජය ලැබූ මන්ත‍්‍රීවරුන් 45 දෙනාගේ ධුර සම්බන්ධයෙන් ගැටලූ මතුවනු ඇත. වෙනත් පක්ෂ ප‍්‍රවර්ධනයට කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ගේ ධුර සම්බන්ධයට කටයුතු කරන ආකාරය පිළිබඳව 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්  වේ.

අතීතයේ සිට රාජපක්ෂ පරම්පරාව නිදහස් පක්ෂයට ද්‍රෝහි ලෙස කටයුතු කළ බවත් 1960 දී ඞී.ඒ. රාජපක්ෂ  මහතා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහජන එක්සත් පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමත් පසුව 1965 දී යළිත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට වැද සමාව ගෙන නිදහස් පක්ෂයට එකතු වීමත් 1985 දී බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව මැතිවරණයට තරග කොට පරාජය වීමත් යන සිදුවීම්වලින් පැහැදිලි වේ. ශ‍්‍රීලනිපය කඩාගෙන  ගිය  සියලූ අවස්ථාවල දී රාජපක්ෂලාට පරාජය අත් වී තිබෙන බව ද ඉතිහාසය සාක්ෂි දරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

[rns_reactions]