බිනුර රෝහලට යද්දී රමේෂ් මෙන්ඩිස් T20 සංචිතයට එක්වෙයි

බිනුර රෝහලට යද්දී රමේෂ් මෙන්ඩිස් T20 සංචිතයට එක්වෙයි
Spread the love

ඉන්දියාව සමග හෙට (27) ආරම්භ වන විස්සයි විස්ස තරාවලියට නම්කර සිටින වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පපුවේ ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට කැඳවා ඇති බවයි.

මෙම සතිය මුලදී, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර රෝගාතුර වීම හේතුවෙන් තරඟ තුනකින් සමන්විත තරඟාවලියෙන් ඉවත් වූ අතර, නුවන් තුෂාර වම් මාපටැඟිල්ලේ ආබාධයකට ලක්වීම නිසා තරඟාවලියෙන් ඉවත් වූ අතර, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංඛ නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.