ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දඩ මුදලක් පනවා තිබේ.
ඒ අනුව ඔහුට පනවා ඇති දඩ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් 7,500 කි.
බොරැල්ල ප්‍රදේශයේ දී දිමුත් කරුණාරත්න විසින් පදවන ලද ජීප් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කරන ලදී.
නමුත් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇත. දිමුත් කරුණාරත්න සඳහන් කර ඇත්තේ ත‍්‍රිරෝද රථ හිමිකරුට නව ත්‍රීරෝද රථයක් ලබාදීමට තමන් කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ගෙන් සහ ක්‍රිකට් ආයතනයෙන් සමාව අයැද සිටින බවය.

