බොරු පතුරන අන්තරේ මන්දමානසිකත්වය යලිත් කරලියට… රන්ජන් නීති ක්‍රියාමාර්ග ගැනීමට පෙරට…

Spread the love

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමනට අපහාස කරන අන්දමින් අන්තරේ ලහිරුලා විසින් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතකට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර තමන්ගේ මෙන් ට්විටර් ගිණුමක් සකස් කර ව්‍යාජ ට්විටර් පණිවිඩයක් සමාජ ගත කල බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මාලබේ නැමැති FB පිටුවට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිලි කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් තමන් සමාව ඉල්ලන බව සඳහන් අසත්‍ය ට්විටර් පණිවිඩයක් සකසා ප්‍රචාරය කර ඇති බව පවසමින්.

සකසන ලද ව්‍යාජ ට්විටර් පණිවිඩය සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

[rns_reactions]