බෝම්බ පිපිරවීම ට යොදා ගන්නා ඩෙටනේටර් අසූ හතක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම් පොළෙහි බිම වැටී තිබූ ඩෙටනේටර් 12ක් පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද පස්වරු 1.00ට පමණ සොයා ගෙන ඇත.
වැඩි දුරටත් පරීක්ෂා කිරීමේදී ප්‍රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයා ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති අතර පිටකොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පල ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම තොගය සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

