නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ උපදෙස්වලට දෙමළ පක්‍ෂවල එකඟතාවය පලකරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.
“බෞද්ධාගමට ප්‍රමුඛත්වයක් ලබාදීම සම්බන්ධයෙන් අපට කිසිඳු ගැටළුවක් නොමැත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ එයට එකඟතාවය පලකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරිපත් කර ඇති බොහෝ උපදෙස් සහ ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම කටුක වූවත්,වත්මන් වතාවරණයට එය ඉතා වැදගත් වනු ඇත. එකඟතාවයකට පැමිණීමේ අරමුණින් මූලික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අප සුදානමින් සිටින්නෙමු.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන විටදී, ගැටළු ඇතිවූවත් ඒ සියල්ල මැතිවරණයේදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට පොරොන්දුවී ඇත්තෙමු. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බව මහින්ද රාජපක්‍ෂ පවා මැතිවරණ කාලයේදී ප්‍රකාශ කර තිබුණි. පාර්ලිමේන්තුව ව්යවස්ථාදායක සභාවක් ලෙස වෙනස් කර ඇත. මහින්ද රාජපක්‍ෂද පාර්ලිමේන්තුව ව්යවස්ථාදායක සභාවක් ලෙස වෙනස් කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
ඒ හේතුවෙන්, මෙරටේ ජනගහණයෙන් 97%ක පිරිසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත. ව්‍යවස්ථාදායක සභාව නීති විරෝධි බව ප්‍රකාශ කරන්නේ කෙසේද? මෙම ප්‍රකාශයේ කිසිඳු අර්ථයක් නොමැත. සියළු ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුය. සියළු ප්‍රජාවන්ට එක හා සමානව ගරු කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව තේරුම් ගත යුතුය” යනුවෙන් එම් ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.
ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

