මේ වනවිට මතුව ඇති පෙට්‍රල් ප්‍රශ්ණයෙන් තමන් හොඳටම බැණුම් අසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරු උත්සවය අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවැත්වුණු අතර එය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැමුන් තමන්ගේ කෑලි ගලවන බවයි.
තමන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පුරවන බවට ඇතැමුන් සිතා සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේ.
ජනතාව එසේ සිතීම වරදක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව සඳහා මුල්ගල් තැබීමද මෙහිදී සිදු වුණා.
කෝට්ටේ ශ්‍රි කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් ද සිිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපතිවරයා මෙහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.
කොතරම් අවලාද නැගුවත්, දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි..!බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබද ආණ්ඩුවේ සුලු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සදහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමිනි.මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබදව ඒ සදහා වැරදිකරුවන් වන සියලූදෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සදහා වූ ඉතා පවිත්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය. සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලූදෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සදහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලූදෙනාගේ වගකීමක් බවද ප්‍රකාශ කළේය.ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුලු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය. පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව සදහා අද මුල්ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි. අනතුරුව අපේගම පරිශ්‍රයේදී ප්‍රධාන ගුණසමරු උත්සවය පැවැත්විණි.කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුලු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, මාදුලුවාවේ සෝභිත හිමි ගුණ සමරු කමිටුවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Posted by Maithripala Sirisena on Wednesday, November 8, 2017
[rns_reactions]

