එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් ගැනීමට ගියද එතැනින්වත් රතන හිමියන්ව වද්දවා ගත්තේ නැත. අනතුරුව දේශපාලනික නිරුවතින්ම මහින්ද රාජපක්ෂ ලඟට ගිය රතන හිමියන්ව මහින්දවත් ඇතුලත වද්ද ගත්තේ නැත. මහින්ද කීවේ, රතන හදිසි නොවී එළියේ ඉදන් කියන වැඩ ටික කරගෙන යන්න, අවශ්‍ය කරන වෙලාවක් ආවොත් ගන්න බලන්නන් කියාය. රතන හිමියන්ගේ දේශපාලනිකව කූජීතව අවලං කාසියක් වී ඇති තරම ඒ තරම්ය.
අවසානයේ යන එන මන් තැනක් නොමැතිව රතන හිමියන්ට මහින්දගේ අඟුපිලේ හෝ ලැගීමට අකමැත්තෙන් වුවද සිදුවිය. රතන හිමියන්ට මහින්දගේ පළමු කොන්ත්‍රාත්තුව ලෙස ලැබෙන්නට ඇත්තේ, රතන හිමියන්ටත් අභියෝගයක් වූ , මහින්ද කඳවුරටත් අභියෝගයක් සහ හිසරදයක්ව ඇති ඥානසාර හිමියන්ගේ භූමිකාවට එරෙහි රැල්ලක් ගොඩනැගීමට උත්සහ කිරීමයි. ඒ අනුව හිස්බුල්ලා, අසාද් සාලි, රිෂාඩ් බදුර්දීන් ඉවත් කරන ලෙසට ඉල්ලා රතන හිමියන් මහ නායක හිමිවරුන්ගේවත් අවසරය නොගෙන දළදා මාළිගාවේ මහමලුවේ උපවාස රංගන දින 3ක් රඟ දක්වා අවසානයේ ඉල්ලගෙන කෑවේය. ඒ කෑම රතන හිමියන්ට පමණක් නොව සිංහල-බෞද්ධයින්ට මරු පහරක් විය. රතන හිමියන්ගේ එම අමඥෝනය තීරණයේ හානිය කෙතරම්ද යත් අවසානයේ මහනායක හිමිවරුන්ට යළි ඇමතිධුර ලබාගන්නා ලෙසට මුස්ලිම් ඇමතිවරුන්ගෙන් යළි ඉල්ලීම් කරන්නට පවා සිදුවූහ.
එහෙත් තම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම අටමගලක් කරන රතන හිමිට ඒ ගැන වගේ වගක් නැත.
අනුන්ගේ දේ තමන්ගේ කරගෙන විකුණන් කෑම
අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන තම පොරත්වය වෙනුවෙන් රතන හිමියන්ට ඕනෑම තැනක ඕනෑම දෙයක් විකුණන් කෑම අලුත් දෙයක් නොවන බව උන්වහසේගේ පැටිකිරිය දන්නෝ දනිති.
අදින්නා දානය පවක් වුවත්, රතන හිමිට අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන විකිණීම ගැන ලැජ්ජාවක් නැතිකමට, අය එනමං නැති කරමට කරනවාද යන්න ඇසිය යුතුය.
“නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයැ’යි” පළමුවෙන්ම ප්‍රකාශ කළේත්, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාය. ඒ වෙනුවෙන් ඔහුට පක්ෂ විපක්ෂ සියලු දෙනා දේශපාලන හේදයකින් තොරව ප්‍රසංශා කළහ.
ඔහු එය කට වචනයකට සීමා නොකර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් දශලක්ෂක අත්සනින් එකතුකිරීමේ මහජන පෙත්සමක් ඇරඹීය. ඒ සඳහා මහාචාර්ය වරුන්, කථිකාචාර්ය වරුන්, විද්වතුන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශව වල එකමුතුවෙන් ප්‍රසිද්ධියේම සිදුවිය. එයින්ද නොනැවතී තිලංග සුමතිපාල මහතා තම “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට” පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ මීට සති තුනකටත් පෙරය.
සිහිවිකල්ව අවදි වූ රතන හිමි හදිසියේ කෙළි පිස්සුව
නින්දෙන් සිහිවිකල්ව අවදි වූ පිස්සෙකු මෙන් රතන හිමියන් ඊයේ(10) එකවරම මාධ්‍ය හමුවක් තබමින් “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගත යුතු බවත්, ඒ සඳහා තමා මූලිකත්වය ගෙන ක්‍රියාකරන බවත්, පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බවත්”ය. එය දුටුවිට ප්‍රශ්න රාශියක් පැන නගින අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රතන හිමියන් අවම තරමේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් යෝජනා හෝ ගනුලබන තීන්දු තීරණ ගැනවත් නොදන්නේ දැයි පළමු ප්රශ්නයයි. දෙවැන්න රටේ ජනතාවගෙන් දශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාල හරහා අත්සන් කළ පෙත්සමක් ගැනවත් රතන හිමියන් නොදැනුවත්ව කරන මොංගල් දේශපාලනය කුමක්ද යන්නයි. මෙම මහජන පෙත්සමට දින 14ක් තුළ ලැබී ඇති අත්සන් ප්‍රමාණය 910,125 කි.
“ෂරියා විද්‍යාලය,රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් කරවමු” දින 14ක් තුළ දශලක්ෂයේ අත්සන් ව්‍යාපාරය
අපට වැටහෙන පරිදි මේ රටේ කිසිවෙකු තඹ දොයිතුවකට ගණන් නොගන්නා රතන හිමියන්ට තමන්ගේ දෙයක් වගාගෙන විකුණගෙන දේශපාලනය කරගත නොහැකිම තත්වයක් තුල දැන් අනුන්ගේ දේ හෝ හොරකම් කර විකුණගෙන ගොඩ ඒමට දරන නිර්ලැජ්ජිත ක්‍රියාවක නිරතවෙමින් සිටී. ඒ අනුව ඉදිරියේදී රතන හිමියන් අනෙක් හිමිවරුන්ගේ සිවුරු පමණක් නොව ගිහියන්ගේ වැලවල් ඇති රෙදි පමණක් නොව වනා ඇති ජංගිද හොරකම් කළ හැක. එම නිසා සියලු දේශපාලඥයින්, දේශපාලන අනාතයෙකුව හිඟමනට වැටුණු රතන හිමියන්ගෙන් තම තමන්ගේ දේවල් ආරක්ෂා කර ගනිමින් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු කාලය එලෙඹ ඇත.

