"මටත් තනිකම පාළුව දැනෙනවා. ආදරේ කරන්න කෙනෙක් හිටියා නම් හොදයි" නිර්ධා කියූ කථාව…

Spread the love

‘‘මම මේක්අප් වලට වඩා ස්භාවික විදිහට ලස්සනයිලු..“
‘‘කවුරුත් නම් අයුතු යෝජනා කරලා නැහැ..“

අවුරුදු විස්සක් ඇගේ රංගනය පුංචි තීරයට ලබා දුන්නා. විවිධ චරිත වලින් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත් ඇය නිර්ධා උයන්හේවා. ආදරයට හිතක් හොයන ඇය ගැන කතා කරන්න හිතුවා. මේ ඇයත් එක්ක කළ කතා බහයි.

කොහොමද නිර්ධා ..?
හොඳින් සතුටින් ජිවත් වෙනවා.

බොහෝ නළු නිලියන් රංගනය එක්ක කාර්ය බහුලයි. ඔබේ ජීවිතෙත් ගෙවෙන්නේ ඒ විදිහටද ..?
මේ දවස් වල ටිකක් වැඩ තියනවා. නමුත් තුන්සිය හැටපස් දවසෙම වැඩ නැහැ. මම කොහොමත් ෂූටින් යන්නේ මාසෙකට දවස් දෙලහක් වගේ තමයි. කාලය හදා ගන්නවා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.

විවේකිව ඉන්න ලොකු කාලයක් තියනවා කියන්නේ රඟපෑමට දැන් ආරාධනා නැහැ කියන එකද…?
මම අවුරුදු විස්සක් පුරාවට රඟපානවා. මේ කාලය පුරාවටම ආරාධනා ලැබෙනවා. කිසිම විදිහකින් මාව ප්‍රතික්ෂේප වෙලා නැහැ. නමුත් මම රඟපාන්නේ තෝරා ගත් නිර්මාණවල විතරයි. ඒ නිසා මට නිදහසේ ඉන්න කාලය තියනවා.

කලාවත් එක්ක ලොකු කාලයක් හිටපු නිර්ධා රගපාන්න ලොකු මුදලක් අය කරනවා කියලත් ආරංචියි..?
ඔව්. මම අය කරන මුදලක් තියනවා. ඒ මුදලට වඩා අඩුවෙන් මම අය කරලා රඟපාන්න යන්නේ නැහැ. අඩු මුදලට රගපාන්න කතා කරන ගොඩක් නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා.

බොහෝ නිර්මාණ වලට ඔබම විලාසිතා භාවිතා කරන නිසා අය කිරීම වැඩියි කියලා කියන කතාවේ ඇත්ත මොකක්ද..?
ඇතැම් අධ්‍යක්ෂවරු නිර්මාණයට කතා කළාට පස්සේ කියනවා මුල් කාලේ ඇඳුම් හදා ගන්න. ටික දවසක් ගියාට පස්සේ ඇඳුම් ලබා දෙන්නම් කියලා. ඒ නිසා මට නිර්මාණයකට ආරාධනා කලාට පස්සේ මම කියනවා මම ඇදුම් හදාගන්න නිසා වගේම රූගත කිරීම් වලට මගේ වාහනයෙන් යන එන නිසා මගේ අය කිරීම මෙච්චරයි කියලා. ඒ අය මගේ මුදලට කැමති වුණොත් සම්බන්ධ වෙනවා. අනුන්ගේ ඇදුම් අදිනවට වඩා මම කැමතියි මගේ අදුම් මම පාවිච්චි කරනවට. සමහර චරිත වලට ඒ අයම ලබා දෙනවා ඇදුම්.

ශරීරය නිරාවරණය වෙන විලාසිතා සහිත චරිතයක් ලැබුණොත්..?
ටෙලිනාට්‍ය කියන්නේ ගොඩක් ඇඟ පෙන්න විලාසිතා භාවිතා කරන දෙයක් නෙමෙයි. මට ඒ චරිතයට කොටට අදින්න තිබුණොත් මට ගැලපෙනවා නම් මම ඒක භාර ගන්නවා. මම අවුරුදු දෙකකට කලින් ඒ වගේ චරිතයක් කළා.

නිර්ධා කියන්නේ නිතරම මේක්අප් කරන කෙනෙක්ද ..?
ගොඩක් අය කියන්නේ නම් මම මේක්අප් වලට වඩා ස්භාවික විදිහට ලස්සනයි කියලා. කොහේ හරි යනවා නම් සාමාන්‍ය මේක්අප් එකක් දානවා.

තනිකඩ ජිවිතේට ආයුබෝවන් කියන්න ලඟයිලු නේද..?
නැහැ. මම තවම තනිකඩයි. තවම පෙම්වතෙක් නැහැ. මට ගැලපෙන කෙනෙක් ලැබුණොත් මමත් ආදරේ කරනවා. විවාහ වෙනවා. මිට කලින් ආදරේ කරලා තියනවා. එක එක හේතු නිසා ඒ බැදීම් නැති වෙලා තියනවා. මටත් තනිකම පාළුව දැනෙනවා. ආදරේ කරන්න කෙනෙක් හිටියා නම් හොදයි කියලා හිතන වෙලාවල් තියනවා. ඒත් හිතු මතේට ආදරේ කරන්න බැහැ . විවාහ වෙන්න බැහැ. ගැලපෙන කෙනා ලැබෙනකල් ඉන්නවා.

නළුවෝ ආදරයට ඇරයුම් කරලා නැද්ද ..?
අනේ නැහැ. මම හරි වෙනස් විදිහට ජිවත් වෙන්නේ. ඒ නිසා කවදාවත් එහෙම යෝජනා නම් ඇවිත් නැහැ.

ඒ කියන්නේ නිර්ධාට කලා ක්ෂේත්‍රයේ කිසි කෙනෙකුගෙන් අයුතු යෝජනාත් ඇවිත් නැහැ කියන එකද ..?
කිසිම විදිහකින් කවුරුත් නම් අයුතු යෝජනාත් කරලා නැහැ. සමහර නවක පරපුරේ අයටනේ ඒ විදිහට ප්‍රශ්න තියෙන්නේ. ජනප්‍රිය වෙන්න තැනක් හදා ගන්න ඒ වගේ යෝජනා වලට කැමති අයත් ඇති. නමුත් මම නම් එහෙම කෙනෙකුත් නෙමෙයි මට එහෙම ප්‍රශ්නත් නැහැ.

නිර්ධා විදෙස්ගත වෙන්න සුදානම් කියලා කතාවක් තියනවා..?
මම පහුගිය අවුරුදු දහයට හැම අවුරුද්දකම ඇමරිකාවට යනවා. සංචාරය කරන්න. මගේ නෑදෑයෝ ගොඩක් ඉන්න නිසයි මම ඒ රටටම යන්නේ. මාස එකහමාරක්විතර ඉදලා එනවා. තවම යන්න කාලය හොයා ගන්න බැරි වුණා. දිග නිවාඩුවක් ලැබුණු ගමන් ගිහින් එනවා. එහේ පදිංචි වෙන්න අදහසකුත් තියනවා. නමුත් දැන්ම නෙමෙයි.

Posted on

[rns_reactions]