මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න…. – මේක අවසාන දැණුම්දීමයි

මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න….  – මේක අවසාන දැණුම්දීමයි
Spread the love

” මට කියලා අස්කරගන්නෙ නැතිව අද දිනය ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න ” ජනාධිපතිවරයා විසින් හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් හට අද උදෑසන දැනුම් දෙන ලදී.

රට ඇතුලෙ ඔයාලට තියෙන විරෝධය පේනවනෙ. මම කල් දුන්නෙ තමුන්ලා ඒ විරෝධය දැකලා අයින් වෙයි කියල. නමුත් ජනතා මතයට හිස නමන්න තමුන්ලා කටයුතු කලේ නෑනෙ. ඒ නිසා මට කියලා අස්කරගන්නෙ නැතුව අද දවස ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න. අද දවස විතරයි මම තමුන්ලාට කල් දෙන්නෙ. යැයි ජනාධිපතිවරයා පවසන ලදී.

මේ අනුව අද දිනය තුල ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වීමේ ලිපි ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇතිබව ජනාධිපති ලේකම් කාර්‍යාලය තොරතුරු දැනගන්නට ඇත