දිවංගත පිලිප් ගුණවර්ධන 45 වැනි ගුණ සමරුවෙදී පරාජිත මහින්ද එනතුරු මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු කතාබහක නිරතිවෙමින් සිටිනු ගක්නට ලැබුණා.
“අන්න මර්වින් සිල්වා අලුත් පක්‌ෂයක් හදන්න යනවලු. ඔයාලට තමයි යන එන මං නැති වෙන්නේ” ජයන්ත සමරවීර කීවේ සිසිර ජයකොඩිටය.කෙසේවෙතත් මීට පිළිතුරු ලබාදී ඇත්තේ උදය ගම්මන්පිල බව සදහන්. “ඒක නම් ඇත්ත. ඒ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයට තමයි අපි බයවෙන්න ඕනේ ” යන්න ගම්මන්පිලගේ ප්‍රකාශය විය.
” ඒ ඇයි?” දැයි ජයන්ත ඇසූ පැනයට “ඒකෙනේ ඔක්‌කොම කෙරුම්කාරයෝ ටික ඉන්නේ” යැයි මෙතෙක් නිහඩව සිටි සිසිර පැවසා ඇත.“කවුද අප්පේ ඒ?” ජයන්තගෙන් යළිත් ප්‍රශ්නයකි. “ඇයි පාතාලේ කෙරුම්කාරයෝ? කුඩු ලාල්, පොට්‌ට නවුපර්ලා සේරම ඉන්නේ එයාගේ පක්‌ෂෙනෙ. ඒකයි බය. සිසිර කීවේ සිනාසෙමිනි.