මහත් ආන්දෝලනයකට තුඩුදුන් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන්පතිරණ මහතා අද(03) නියෝග කළේය.
මෙසේ අත්අඩංගුවට ගෙන සිටින්නේ යුද හමුදාවේ පහළ නිලධාරීන් බවත් ඔවුන්ට අණ හා නියෝග දුන් උසස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අණ දුන් හා නියෝග ලබාදුන් නිලධාරීන් සම්බන්ධයෙන් අනාවරණය වූ කරණු ඔස්සේ පරීක්ෂණ කරන බව රහස් පොලිසිය ප්‍රකාශ කළේය.
[rns_reactions]

