මහින්දානන්ද උසාවියෙන් කට්ටි පනී…. – ඇප කරුවන්ව උසාවියට ඉදිරිපත් කිරීමට නියෝග

Spread the love
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද(20) කැඳවූ අවස්ථාවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ ඇප කරුවන් හෙට (21) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය නියෝග කර තිබේ.
එහිදී විත්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බැවින් අධිකරණය හමුවට පැමිණීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
එහිදී විනිසුරු ගිහාන් කුලතුංග  මහතා විමසා ඇත්තේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ද යන්නයි.
ඇපකරුවන් අද දිනයේ නොපැමිණි බව විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව විනිසුරුවරයා නියෝග කර ඇත්තේ විත්තිකරු ඉදිරිපත් නොවන්නේ නම් ඇපකරුවන් අනිවාර්යෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.එබැවින් ඔවුන්ට හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා සිතාසි නිකුත් කර තිබේ.