ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඔවුනට වෙනත් පක්‍ෂයක් දිනවීමට අවශ්‍යනම් එයට කිසිම බාදාවක් නැති අතර පක්ෂයේ රැදී සිටිමින් එසේ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔවුන්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එසේ කිරීමට හැකියාව අති බව සදහන් කරන ලදී. ඒසේ නොමැතිව පක්ෂයේ සිටිමින් වෙනත් කුමන හෝ පක්ෂයක් දිනවීමට කටයුතු කරන්නේ නම් හිත මිත්‍ර කම් , තරාතිරම් නොබලා පක්ෂයෙන් ඉවත් කරන බවත් ඔහු පැවසීය.