මාතරත් ආසන 7න් 6ක් පොහොට්ටුවට

මාතරත් ආසන 7න් 6ක් පොහොට්ටුවට
Spread the love

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රීධුර සංඛ්‍යාෙව වන 6/7ක් ජයග්‍රහණය කරමින්.

සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රීධුරයක් දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට කිසිම මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද සංඛ්‍යාව 352,217ක් (ආසන 06) ද සමග ජන බලවේගය විසින් ඡන්ද 72,740ක්ද (ආසන 01) දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 37,136ක්.

අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 7631ක්.

මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 630438ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 500957ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 22578ක්.

මාතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 478379ක්.