මෑතකදී රියලිටි නැටුමටත් දක්ෂ වුණු තාරුකා “පත්තිනි” නාට්‍යයේ කන්නගි හරහා මේ දිනවලදී ආලින්දයට පැමිණෙනවා. ඉතින් කන්නගීත්, තරුකාත් ගතිගුණ අතින් සමාන බවයි එයා අපිට කිව්වේ.
තාරුකා කන්නගිව දකින්නේ කොහොමද?
කන්නගි කියන්නේ සාමාන්‍ය කාන්තාවක්. එයා පත්තිනි වෙන්නේ සමාජය නිසාමයි.
අද වෙද්දී ගොඩක් තරුණියන් ආදරේ වගේ කාරණාවලදී ගොඩක් සංවේදී වෙනවා. එක හොඳ දෙයක්ද?
ආදරය වගේ කාරනාවලදී අපි සංවේදී වෙන්න ඕනා. ඒත් ඕනවට වඩා සංවේදී වුණාම අපි රැවටීම්වලට ලක්වෙනවා. එතනින් පරිස්සම්වෙන එක එයාගේ වැඩක්.
තරුකාත් අදරේදී සංවේදී වෙලා තියෙනවද?
අදරේදී අපි කවුරුත් සංවේදී නෑ කියන්න බෑ. හැබැයි එතනත් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුලේ මම ඉන්නවා.
තමන්ට ළඟම ආදරේ නැතිවෙලා ගියාම ගොඩක් ගැහැණු ළමයි කරන්නේ අඬන එක?
මාත් එහෙම අඬල තියෙනවා.
හිතේ තියෙන දුක ළඟම කෙනෙකුට කිව්වොත් නරකද?
ඒකත් හොඳයි. ඒත් මට ආදරේදී දුකක් ආවම මං ම හිත තද කරගෙන ඒ දුක විඳිනවා.
පණ වගේ ආදරය කරලා දාල ගිය කෙනෙක් මුණගැහුනොත් ඒ ආදරය භාරගන්නවද?
මගේ ජිවිටහ්යේ එහෙම දෙයක් වෙලා තියෙනවා. එයාගේ වැරැද්දට මම සමාව දුන්න එච්චරයි. කලින් වගේ ආපහු ආදරයක් එයා වෙනුවෙන් දුන්නේනම් නැහැ.
සමහරු ආදරය කරද්දී දුන්නු තෑගි එකතු කරනවා. ඒ මතකයට ආදර නිසා. ආදරය කරපු මතක සැමරුම් තාරකාගේ ජීවිතෙත් ඇති?
මේ ළඟදී කබඩ් එකක් අස්කරද්දී එහෙම කෙනෙක් දුන්නු කාඩ් වගයක් හම්බ වුණා.
ඉතින් ඒවාට මොකද කළේ විසි කළාද?
විසි කළේ නැහැ. තාම මා ගාව තියෙනවා.
ක්ෂේත්රයේ කෙනෙක් ආදරය ඉල්ලුවොත්?
ඒක ඒ මොහොත අනුව සිද්ධවෙයි. දැනටනම් ආදරයක් නෑ.
[rns_reactions]