මාධ්‍ය හමු වලට කඩා වැදී ගොං ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලන්‘ නිසා ලංකාවේ සමස්ථ මාධ්‍යවේදීන්ගේම ගෞරවය බින්දුවට වැටෙන සිද්ධියක් ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී දක්නට ලැබිණ. එවන් ‘(හ)මීඩියා කිඹුලන්‘ දෙදෙනෙකු ඊයේ (14) සිටියෝ ය. අප මෙහිදී මොවුන් ‘කිඹුලන්‘ ලෙස හඳුන්වන්නේ කිඹුලා කට අරින විට ඉබේටම උගේ ඇස් වැසී යන බැවින් මොවුන්ද ප්‍රශ්න නගන්නට කට අරින විටම දෑස් අන්ධව ඇති නිසාය.
මෙහි පළමු සේයාරුවේ දැක්වෙන ‘(හ)මීඩියා කිඹුලා‘ කැබිනට් ප්‍රකාශක රාජිතගෙන් ඇසුවේ අපූරු ප්‍රශ්නයකි. “පසුගිය ආණ්ඩුව කාලේ ආගමික අන්තවාදීන්ගේ ප්‍රහාර සහ සිද්ධීන් 30 ක් පමණක් වාර්තා වුවද මේ ආණ්ඩුව යටතේ එවන් සිදුවීම් 80 ක් වාර්තා වී ඇති බවයි.“ රාජිත ඊට පිළිතුරු ලෙස කීවේ ‘ඔබ ඒ කාලේ රටේ සිටියේ නැතිද‘ කියා ය.
පසුගිය ආණ්ඩුවේ 2013 වසරේ දී පමණක් ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තා වූ පරිදි මුස්ලිම් පල්ලි වලට සහ පුද්ගලයන්ට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 284 කි. ක්‍රිස්තියානි පල්ලි වලට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 103 කි. එහිදී එකළ ආණ්ඩුව පිළිගත් ගණනද 182 කි. පොලිසියට වාර්තා වූ ගණන 143 කි.
2014 දී මුස්ලිම් පල්ලි වලට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 113 කි. ඉන් 80 ක්ම එල්ල කර තිබුනේ බොදු බල සේනාව ය. ඊළඟට වැඩියෙන්ම ප්‍රහාර එල්ල කර තිබුනේ අද බයිලා කියන, එදා රාජපක්ෂලා සමග එකගෙයි කෑ චම්පික රණවකගේ ජාතික හෙළ උරුමය විසිනි. එම ගණන 24 කි. සිහල රාවය සිදුවීම් 7 කට වගකිව යුතුය.
2015 දී වත්මන් ආණ්ඩුව බලයට ආ පසුව මුස්ලිමුන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර ගණන 37 ක් තරම් විශාල ප්‍රමාණයකින් අඩු වී තිබිණ. එම 37 න්ද 13 ක්ම එල්ල කර තිබුනේ බොදු බල සේනාව විසිනි.
මේ ගණන් හිලව් මානව හිමිකම් කොමිසමේ වාර්තාවන් ය.
එසේ තිබියදී පළමු සේයාරුවේ වීරයා සේ ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලා‘, පසුගිය ආණ්ඩුව කාලේ 30 දැන් 80 ට වැඩි වෙලා යයි කියන්නේ ගොං කමට හෝ පයිත්තියං නිසා හෝ විය යුතුය.
දෙවැනි සේයාරුවේ සිටිනා ‘(හ)මීඩියා කිඹුලා‘ කැබිනට් ප්‍රකාශකගෙන් නගන්නේ තවත් අමු ගොබ්බ ප්‍රශ්නයකි. එනම් අන්තවාදය වපුරන බොදු බලයේ නානසාරලා වැනි තක්කඩියන් අත් අඩංගුවට ගත යුතු යැයි කියන අය වපුරන්නේද ආගමික අන්තවාදය යයි ඔහුගේ ගොබ්බ තර්කය විය. ඊට පිළිතුරු දුන් රාජිත කීවේ ආගමික අන්තවාදයට විරුද්ධ වීම තවත් අන්තවාදයක් යැයි කියා කියන්නේ කොයි ලෝකයේ ද කියා ය.
මෙවන් ගොං ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලන්‘ නිසා සැබෑ මාධ්‍යවේදීන්ගේ ගරුත්වය අහිමි වීම කියන්නට දෙයක් නොවේ. මෙවන් ගොං ප්‍රශ්න වලට ජෝන් අමරතුංග වැන්නන් ‘තොගේ අම්මට‘ කියා පිළිතුරු දීම සාධාරණය වන්නේ මේ ‘(හ)මීඩියා කිඹුලන්‘ නිසා ය. ජෝන්ලා මාධ්‍ය නිදහස නැතිකරන්නෝය. (හ)මීඩියා කිඹුලන් සුද්ධවන්තයෝ ය.
කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව ගත හැකි රස්සාවල් දෙකක් ලංකාවේ තිබේ. එකක් ‘දේශපාලකයා‘ රස්සාවය. අනෙක ‘මාධ්‍යවේදියා‘ රස්සාවය. මේ දෙකම ජනතාවගේ ඉරණමට බලවත් සේ බලපාන රස්සා දෙකකි. වෙනත් ශිෂ්ඨාචාර රටවල එලෙස නැත. ලංකා ඊ නිව්ස් අත්දැකීම් අනුව එංගලන්තයේ රාත්‍රී රෙස්ටොරන්ට් එකක පාට් ටයිම් වීඩියෝ කාරයෙක් වීමට පවා වීඩියෝග්‍රැෆි පිළිබඳ තුන් අවුරුදු උපාධියක් අවශ්‍යය. මාධ්‍යවේදියෙක් වීම ගැන කවර කතාද? රූපවාහිනියක කාලගුණ වාර්තාව ඉදිරිපත් කරන නිවේදකයෙකුට අඩුම ගණනේ කාලගුණ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තිබිය යුතුය.
ලංකාවේ එහෙම බැරි යැයි කාට හෝ කිව හැකිය. නමුත් එසේ විය යුතු නැත. කෙසේ හෝ මාධ්‍යවේදීන්ගේ කොලිටිය වැඩි කළ යුතුම ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම ඉල්ලන මාධ්‍යවේදීන් පිළිපැදිය යුතුයැයි කියා කිසිදු ආචාර ධර්මයක් රටේ නැත. මේවා නිසා ලෝකයාට මුහුණ දීමට බැරි වන්නේ සැබෑ මාධ්‍යවේදීන්ට ය. එබැවින් ඉහත පින්තූර වල සිටිනා වැනි ගොං බිජ්ජන් වැදගත් මාධ්‍ය හමු වලට එවීමට පෙර ඔවුන්ගේ ප්‍රධානීන් අඩුම ගණනේ මේකාලාට ‘ගෙදර වැඩ ටිකක්‘ (home work) පවරා හෝ ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කළ යුතුය. දැනුම වවා ගන්නේ නැතිව රැවුල කොණ්ඩය වැව්වාට වැඩක් නැත.
(14) ගොබ්බ ප්‍රශ්න ඇසීම සම්බන්ධ වීඩියෝවක් පහතින්
උපුටා ගැනීම e news
[rns_reactions]