මාවුස්‌සාකැලේට විනාඩි 45 ක කෘත්‍රිම වැස්‌සක්‌

මාවුස්‌සාකැලේට විනාඩි 45 ක කෘත්‍රිම වැස්‌සක්‌
Spread the love

වියළි කාලගුණය හමුවේ ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (22 දා) මාවුස්‌සාකැලේ විදුලි බලාගාරයෙන් ආරම්භ විය.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ12 ගුවන් යානයක්‌ මගින් මාවුස්‌සාකැලේ ජලාශයට අඩි අටදහසක්‌ ඉහළ අහසේ වලාකුළුවලට විනාඩි 45 ක්‌ රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සිදු කෙරිණි. මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමේ තාක්‌ෂණය ලබා දීමට තායිලන්ත රජය කැමැත්ත පළ කර තිබූ අතර ඒ අනුව මෙරටට පැමිණි තායිලන්තයේ විශේෂ ඉංජිනේරුවෝ පිරිසක්‌ මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූහ.

වලාකුළු මතට රසායනික ද්‍රව්‍ය මුදා හැරීමෙන් පසු විනාඩි 45 ක පමණ කාලයක්‌ වැසි ඇදවැටුණු බවත් ඉදිරි සති දෙක පුරා මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කරන බවත් විදුලිබල හා පුqනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය පවසයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය හා ගුවන් හමුදාව ගිවිසුම්ගතව මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කෙරේ. දිවයිනේ වියළි කාලගුණය පහව යන තෙක්‌ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දියත්a කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රවි කරුණානායක මහතා අදාළ අංශවලට උපදෙස්‌ දී තිබේ.